24 වගන්තිය යටතේ කල් ගතවු උපතක් ලියාපදිංචි කිරිම
1. රෝහල් උපත් වාර්තාව / ග්‍රාම නිළධාරී උපත් වාර්තාව / වතු උපත් වාර්තාව
2. මව සහ පියාගේ උප්පැන්න සහතික
3. මව සහ පියාගේ විවාහ සහතික
4. මව සහ පියාගේ ජාතික හැදුනුම්පත් වල පිටපත්
5. දිවුරුම් ප්‍රකාශය
6. ග්‍රාම නිළධාරී පදිංචි සහතිකය
7. සොයාබැලීමේ ලේඛන සෙවීමේ ප්‍රතිඵල සටහන
8. සෞඛ්‍ය වර්ධන සටහන
( සියලුම සහතිකවල සහතික කල පිටපත්)
27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම - වයස අවු. 07 ට අඩු
1. අදාල උප්පැන්න සහතිකය
2. දිවුරුම් ප්‍රකාශය
3. මව සහ පියාගේ කැමැත්ත ප්‍රකාශ කල ලිපි
4. විවාහ සහතිකය
5. ග්‍රාම නිළධාරී පදිංචි සහතිකය
(සියලුම සහතික වල මුල් පිටපත්)
27 වගන්තිය යටතේ නම වෙනස් කිරීම - වයස අවු. 21 ට වැඩි
* අදාල උප්පැන්න සහතිකය
* අදාල නම භාවිතා කළ බවට ඇති ලියවිලි
1. පුවත්පත් දැන්විමි
2. බැංකු පොත
3. ඡන්ද නාම ලේඛනයේ උදෘතයක්
4. විදුලි බිල්පත්‍ර, ජල බිල්පත්‍ර
5. විවාහ සහතිකය
6. දරුවන්ගේ උප්පැන්න සහතික
7. දිවිරුම් ප්‍රකාශය
8. අනෙකුත් නම් භාවිතා කළ බවට සාක්ෂි ලියවිලි
9. ග්‍රාම නිලධාරි පදිංචි සහතිකය
(සියලුම සහතික වල මුල් පිටපත්)
27(ආ) වගන්තිය යටතේ පියාගේ තොරතුරු වෙනස් කිරීම - (4.6.7 තීරයන්)
1. අදාල උප්පැන්න සහතිකය
2. පියාගේ උප්පැන්න සහතිකය
3. පියාගේ ජාතික හැදුනුම්පතේ පිටපතක්
4. පියාගේ නමට ග්‍රාම නිළධාරී සහතිකය
5. දිවිරුම් ප්‍රකාශය
6. දෙමාපියන්ගේ විවාහ සහතිකය
(සියලුම සහතික වල මුල් පිටපත්)
52(1) මවගේ තොරතුරු වෙනස් කිරීම - 1.3.5 තිරයන්
1. අදාල උප්පැන්න සහතිකය
2. මවගේ උප්පැන්න සහතිකය
3. රෝහල් උපත් වාර්තාව
4. මවගේ ජාතික හැදුනුමිපතේ පිටපතක්
5. ග්‍රාම නිලධාරී සහතිකය
6. දිවිරුම් ප්‍රකාශය
(සියලුම සහතික වල මුල් පිටපත්)















