අපගේ දැක්ම

උපරිම ජනතා තෘප්තිය තුළින් විශිෂ්ඨත්වය

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම , සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම තිරසාර සැලසුම් ගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම.

ආයතනයේ විකාශනය

උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කය තුල පිහිටා ඇත. එය දකුණු කටුගම්පල කෝරළයෙන්ද, යගම්පත්තු කෝරළයෙන්ද, කරඳාපත්තු කෝරළයෙන්ද සමන්විත වේ.

1999 වර්ෂයේදී පරිපාලන පහසුව සඳහා බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද කැඩී ආවකි. ඒ වන තෙක් බිංගිරිය උපදිසාපති කාර්යාලයට අනුබද්ධතිව ජංගම සේවා කාර්යාලයක් උඩුබද්දාව ප්‍රාදේශීය සභා ගොඩනැගිල්ලේ පවත්වාගෙන ගියේය.

1990 ජනවාරි සිට උඩුබද්දාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇති කර බිංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ග්‍රාම නිලධාරී කොට්ඨාශ 43ක් එනම්, කටුගම්පල දකුණු කෝරලය , යගම්පත්තු කෝරලය හා කරඳාපත්තු කෝරලයට අයත් එක් ග්‍රාම නිලධාරී කොට්ඨාශයක්ද එක් කර බිහිවිනි.

මෙහි පළමු ප්‍රාදේශීය ලේකම් ලෙස එස්.ඩී.. ලෝරන්ස් මැතිතුමා කටයුතු කල අතර එවකට උඩුබද්දාව ගොවිජන සේවා මධ්‍යස්ථානයේ ඉතා කුඩා කොටසක කාර්යාල කටයුතු ආරම්භ කරන ලදි.

1991.08.25 දින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය නව ගොඩනැගිල්ල ඩී.බී. විජේතුංග මැතිතුමා විසින් විවෘත කරන ලදි.

1990 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
එස්.ඩී.ඊ. ලෝරන්ස් මයා 1990.02.19 1991.02.10
ඩබ්.එම්. පේමරත්න මයා 1991.02.11 1991.07.14
පී.එච්.එල්. විමලසිරි පෙරේරා මයා 1991.07.16 1992.01.01
එන්.පී.කේ. නෙළුම්දෙණිය මයා 1992.02.01 1992.07.01
එස්.ඒ.ජී. සකලසූරිය මයා 1993.04.01 1995.02.19
ආර්.එම්. සුසිල් ප්‍රේමරත්න මයා 1998.10.28 2002.04.15
එච්.එල්.එස්. විජේසිංහ මයා 2002.04.15 2008.09.02
ආර්.ඒ.බී.පී. රූපසිංහ මයා 2008.09.03 2012-08-07
ඩී.ඒ. නයනානන්ද මයා 2012-08-09 2017-07-21
සුමුදු පී විතානගේ මිය 2017-08-24 2021-09-24
නිලූකා ඩී දසනායක මිය 2021-09-27 මේ දක්වා
Scroll To Top